CCD හිටපු අධ්යක්ෂ ASP නෙවිල් සිල්වා ඇප මත නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාට රත්නපුර මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි.
රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.