මහපොළ දීමනාව ඉහල දැමීමට ජනපතිගේ අවධානය

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා වැඩි කිරීමට නියමිතය.
එම දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට හැකි ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දීමනාව රුපියල් දස දහසක් දක්වා වැඩි කිරීමට අදාළව පසුගිය ආණ්ඩුව අවසාන භාගයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමකට එවක කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නොලැබිණි.
රුපියල් පන්දහසක දීමනාව ලබා දීම සඳහා මහපොළ භාරකාර අරමුදලට වාර්ෂිකව රුපියල් කෝටි තුන්සියයක් පමණ වැය වන බව සඳහන්.