මිලියන 9ක අල්ලස් ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ තවත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ තවත් ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.

LATEST NEWS