අර්ජුන ඇලෝසියස් අධිකරණයට


වැට් බදු නොගෙවීම හේතුවෙන් සිරි දඬුවම් විඳින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන මෙන්ඩිස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් යන අය බන්ධනාගාරය මගින් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රීලංකා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටින සැකකරු මහාධිකරණය මගින් අදාල ඇපය ලබා ගස් අවස්ථාවේදී ඊට අදාල ඇප කොන්දේසි සපුරා ඇප අත්සන් කිරීම සම්බන්ධයෙන් නඩු ගොනුවේ නිසි පරිදි සටහන් නොවීම හේතුවෙන් එම අඩුපාඩු නැවත සම්පූර්ණ කිරීම සඳහා බන්ධනාගාර විසින් සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රීලංකා මහා බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධි කරන පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇප අත්සන් කිරීමේ අඩුපාඩු ඇති බවට මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය නඩුවාරයේදී නිරීක්ෂනය කර තිබෙනවා.

එම අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා නීතිඥවරයකු මාර්ගයෙන් අදාල ලේඛන ඉදිරිපත් කිරීමට සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණය රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර අරජුන් ඇලෝසියස්ගේ පියා ද අද අධිකරණයට පැමිණ තිබෙනවා.

LATEST NEWS