හම්බන්තොට ජාත්‍යන්තර වරායට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ව්‍යාපෘතියක්

කම්ෆර්ට් මැට්රස් ලංකා පුද්ගලික සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) කර්මාන්ත උද්‍යානයේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ආයෝජනයක් සිදු කිරීමට ගිවිසුම් අත්සන් කොට තිබෙනවා.
සැපදායී ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ කම්හලක් ඉඳි කිරීම වෙනුවෙන් කම්ෆර්ට් මැට්රස් ලංකා සමාගම වරාය සමග ඇතිකර ගත් ගිවිසුම, HIP සිය බහාලුම් මෙහෙයුම් පුළුල් කිරීම සදහා මෑතකදී දොඹකර පහසුකම් දියුණු කිරීමෙන් අනතුරුව, සිදු කර ඇති පළමු ආයෝජනයයි.
මෙම ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ව්‍යාපෘතිය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ කැනඩාව ඇතුළු ප්‍රධාන අපනයන වෙලඳපොලවල් ඉලක්ක කරනු ඇති බව සඳහන්.
HIPG සමඟ වසර 30ක දීර්ඝ කාලීන නැවත අලුත් කළ හැකි ගිවිසුම යටතේ, ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය සහ සැකසීම සඳහා වර්ග මීටර් 62,000ක කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කම්ෆර්ට් මැට්රස් ලංකා සැලසුම් යොදා තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය අග්නිදිග ආසියාවෙන් සහ චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කර සම්මත අඩි 20 බහාලුම් (TEU) 7,000 ක වාර්ෂික නිපැයුමක් අපේක්ෂා කෙරෙනවා.
නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක් වූ HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් පැවසූයේ HIPහි බහාලුම් අංගනයේ අඛණ්ඩ වර්ධනය, වරාය ප්‍රතිනැව්ගත කිරීමේ දොරටුවක් මෙන්ම ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට තම සමාගම දරන ප්රයත්නයන්ට ඇතුළත් වන බවයි.
“අප දියුණු කරමින් සිටින බහාලුම් අංගනය, ප්‍රතිනැව්ගත කිරීම් හසුරුවන අතර, දොරටු වරායක් ලෙස HIP හට ඇති ස්ථාපිතය ශක්තිමත් කරනවා. ඉදිරි වසර කිහිපය තුළ කාර්මික උද්‍යානය කෙරෙහි ඇති උනන්දුව තවත් ඉහළ යනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර,
ආර්ථිකය ස්ථාවර වීමත් සමග, වරායෙන් පිටත කර්මාන්ත වලටත් HIP හි උපායමාර්ගික පිහිටීමෙන් ප්‍රයෝජන ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.’’
මෙම ව්‍යාපෘතිය දේශීය රැකියා අවස්ථා සැලකිය යුතු ප්‍රමාණයක් උදා කිරීමට නියමිත බවත් එනිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවල මෙවන් නව වර්ධනයන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා නිපුණ දේශීය ශ්‍රම බලකායක් සහතික කිරීමට නම්, තරුණ පරපුරට තාක්ෂණික හා යාන්ත්‍රික පුහුණු මාලා සැකසුම් කිරීමේ වැදගත්කම පිළිබඳත් ප්‍රධාන විධායක නිලධාරීතුමා තවදුරටත් අවධාරණය කර සිටියා.