ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලිය ගැන ලැබුණු සුබ ආරංචිය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී ප්‍රතිශතය 5% කින් ඉහළ දැමීමට අදාළ යෝජනාව පිළිබඳව ඉදිරි අයවැයේදී සලකා බලන බව සභානායක බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය රත්නායක එම ප්‍රකාශය සිදු කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩුකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
වත්මන් ආණ්ඩු පක්ෂය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍යයෙන් ගෙවන පොලියට අමතරව තවත් 5% ක අමතර ගෙවීමක් සිදු කරන බවය.