ගිනිගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිලිස්සී ගිය පුද්ගල මළ සිරුරක්


හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (25) රාත්‍රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පවසනවා.

මෙම පුද්ගලයා කැබ් රථයේ පිටුපස ආසනය තුළම පිලිස්සි මියගොස් ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.

දැනට වයස අවුරුදු 64ක් වු අංක 39 ගැමූණු මාවත බියගම ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවයි මින්නේරිය පොලිසිය සැක කරන්නේ.

මිය යාමට ප්‍රථමයෙන් කුඩා කම්බියකින් කැබ් රථයේ පිටුපස ඩිකිය ප්‍රදේශයෙන් ගැටගසා ඇති අතර එහි අවසන් කෙළවර මියගිය යයි සැක කරන පුද්ගලයාගේ ගමන් මල්ලද එම කම්බියෙන් ගැටගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

අනතුර සිදුවුන ස්ථානයේ මාර්ගය අසල බිම ඔහුව හඳුනා ගැනීමේ කාඩ්පත් කිහිපයක්ම ඒ අවට දමා තිබේදී සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සිදුවු ස්ථානයේ සෝකෝ පරීක්ෂණය ඊයේ(25) රාත්‍රියේම සිදුකළ අතර අද(26) දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න තවමත් සොයාගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින අතර ඉදිරියේදි නිශ්චිතව එය ඝාතනයක්ද සිදු නසා ගැනීමක්ද පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.

LATEST NEWS