රජය ඇණවුම් කළ පළමු සහල් තොගය අද දිවයිනට – රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

රජය මැදිහත්ව ඇණවුම් කළ පළමු සහල් තොගය අද(25) දිවයිනට ළඟා වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ අනුව අද(25) රාත්‍රී මෙට්‍රික්ටොන් 780ක සහල් තොගයක් මෙරටට ළඟා වන බවය.

එම තොග හෙට(26) සිට බෙදා හැරීමට නියමිතව තිබේ. මේ අතර පෞද්ගලික අංශය මැදිහත්ව ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මේ වනවිට බෙදා හරිමින් පවතියි.

රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොළඹ වරායේ ගොඩගැසුණු සහල් තොග අද(25) සිට නිෂ්කාෂණය ආරම්භ කරන බවයි.

සහල් ආනයනයට දී ඇති අවසරය ලබන මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ ය.

LATEST NEWS