ජනපති අනුර බුද්ධගයාව වැඳපුදා ගනී


ඉන්දීය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද බුද්ධගයා පුදබිම වැඳ පුදා ගැනීමට ගොස් ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති ද්‍රෞපති මුර්මු හමුවී සාකච්ඡාවක නිරත වු අතර එහිදී ඉන්දු – ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන්ගේ අවධානය යොමුව බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී පැවැති මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳ ද අදහස් හුවමාරු කර ගෙන තිබුණා.

මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන් සුහද පිළිසඳරක නිරත වූ අතර ඉන්දීය ජනාධිපති ද්‍රෞපති මුර්මු, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමුවා.

සිය තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට පැමිණියේ පසුගිය 15 වැනිදායි.

මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන් සුහද පිළිසඳරක නිරත වූ අතර ඉන්දීය ජනාධිපති ද්‍රෞපති මුර්මු, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමුවා.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උප ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරිය, සෞඛ්‍ය අමාත්‍යවරයා, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් බොහෝ පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූවා.

සිය තෙදින රාජ්‍ය සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද(17) රාත්‍රියේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

LATEST NEWS