දෙසැම්බර් මාසයේ 10 දක්වා සංචාරකයින් 70,000 ක් දිවයිනට
දෙසැම්බර් මාසයේ ගත වූ දින 10 තුළ මෙරටට සංචාරකයින් 70,000 ක් පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ, දෙසැම්බර් මාසය අවසන් වනවිට ලක්ෂ දෙකහමාරක පමණ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඉන්දියාව ,රුසියාව ,මහා බ්‍රිතාන්‍ය ,ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින් වැඩි වශයෙන් සංචාරයකයින් මෙරටට පැමිණ තිබේ.
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
වසර අවසන් වනවිට සංචාරකයින් මිලියන 2.2ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව බුද්ධික පරාක්‍රමසිංහ මහතා පවසයි.