මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය ගැන සැකයක්

මේජර් ජෙනරාල් ජනක පෙරේරා පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණෙයි.

ඔවුන් මෙම පැමිණිල්ලෙන් පෙන්නා දුන්නේ මෙම ඝාතනය සැක සහිත බවයි.

2008 වසරේ ඔක්තොම්බර් 06 වැනිදා අනුරාධපුරයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 28 දෙනෙකු ඝාතනයට ලක්වුණා.

කිර්තිමත් හමුදාව නිලධාරියෙකු වූ ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩළික ප්‍රධානියා ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍යතාන්ත්‍රික සේවයෙත් කලක් කටයුතු කළා.

අනතුරුව ඔහු උතුරු මැද පලාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස කිරීමට ඉදිරිපත් වූයේ එවකට ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂයෙනි. මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුරයේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලගේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙකු ඝාතනයට ලක්වුණා.

LATEST NEWS