ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මෙය වන අතර, එය අනිද්දා දක්වා පැවැත්වෙනු ඇති.

රත්නපුර, බේරුවල, ගාල්ල, ඇහැළියගොඩ සහ කොළඹ වැනි ප්‍රදේශවල දේශීය මැණික්කරුවන් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේදී අවධානය යොමුවනු ඇති.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රි ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන පරික්ෂා කිරිම අදත් නගර රැසක ක්‍රියාත්මක වුණා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරික්ෂාව සදහා සිවිල් ඇදුම්න් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවා තිබුණා.

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද එක්ව සිටියා.

LATEST NEWS