සංචාරක වීසා මත මෙරට සිටින විදෙස් ජාතිකයින් නිසා ව්‍යාපාරිකයින් අවදානමේ


සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර සිදුකරන විදෙස් ජාතිකයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඉදිරියේදී සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ අවධානමක් මතුවන බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එම සංචාරකයින් සිදුකරන ව්‍යාපාරවලින් කිසිඳු ලාබයක් රජයට හිමි නොවන අතර එම පිරිස් ලාංකිකයින්ට කළ පහර දීම්ද වාර්තා වන බවයි.

සංචාරක වීසා මත මෙරටට පැමිණෙන යුක්‍රේන සහ රුසියානු ජාතිකයින් ඇතුළු ඇතැම් සංචාරකයින් ගාල්ල ඇතුළු ප්‍රදේශවල විවිධ ව්‍යාපාරවල නිරතවන බවට සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් පසුගිය දින කිහිපයේම චෝදනා කළා.

එවන් පසුබිමක සංචාරක වීසා මත මෙරටට පැමිණ උණවටුන යද්දේහිමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරයක නිරත යුක්රේන ජාතික යුවලක් සංචාරක කර්මාන්තයේ නිරත ලාංකිකයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පහර දීමේ පුවතක් ද ඊයේ වාර්තා වුණා.

එම පහරදීම සිදුව තිබුණේ ඔහුගේ නිවසේ සිටින සුනඛයෙකු අදාළ යුක්රේන ජාතික යුවලට බිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් හටගත් ආරවුලක් මතයි.

මෙම පහරදීම සහ සංචාරක වීසා මත මෙරට රැදී සිටිමින් විදෙස් සංචාරකයින් විසින් සිදුකරගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව මෙලෙස අදහස් පළ කළා.

LATEST NEWS