පූඩලු ඔය සහ මදුරන්කුලිය ප්‍රදේශ වල පුද්ගල ඝාතන දෙකක්

පූඩලු ඔය සහ මදුරන්කුලිය ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු විසින් පූඩලු ඔය ප්‍රදේශයේ වයස අවුරුදු 29ක තරුණයෙකුට පහර දී ඝාතනය කර ඇති බවයි.

මියගිය තරුණයාගේ පියා සහ බාල සහෝදරයා එක්ව මෙම පහරදීම සිදුකර ඇති අතර සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මිය ගියේ අවුරුදු 55ක පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ පිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුරදී සැකකරු විසින් අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

එහි දී බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඝාතන සම්බන්ධයෙන් පොලිස් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LATEST NEWS