මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අධිකරණ සේවා කොමිසම විසිනි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි මහත්මියයි.
මෙතෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර ඇත්තේ, නිලුපුලී ලංකාපුර මහත්මියයි. අධිකරණ සේවා කොමිසම සඳහන් කළේ,
මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස ස්ථාන මාරු කර ඇති බවයි.