ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ශනීය ගමනාත්තයක් බවට පත් කරන්න, ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ ජනාධිපති කාර්යාලයේ අද(30) පැවති සාකච්ඡාවකදියි. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව ද එහිදි සාකච්ඡා කළ බවයි.
පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් එහිදී අවධානය යොමුව ඇත.