ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට දශක 4ක සක්‍රිය සේවය අවසන් වන ලකුණු

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන්  විශ්‍රාම යෑමට නියමිතව ඇත.

දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකුවන ශවේන්ද්‍ර සිල්වා, 2020 වසරේ ජනවාරි 1 වනදා වැඩබලන  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් එවක ජනධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් පත් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය මෙම මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබුණා. 

නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඔහු 2019 වසරේ අගෝස්තු 19 වනදා මෙරට 23වන යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ අතර 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළේය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේ ද නැතහොත් රඳවා ගන්නේ ද යන්න රජය තවමත් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ

LATEST NEWS