ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ඒකාබද්ධ කරමින්, ඒකාබද්ධ කැමරා පද්ධතියක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුන ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන්නැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතනවල ප්‍රධානීන් සමග සාකච්ඡාවක නිරත විය.

එහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් එම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසයි.

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ

LATEST NEWS