මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් ගැන විමර්ශන අවසන්

මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධ පොලිස් විමර්ශන අවසන් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවයි.
ඉදිරි නඩු වාරයේදී ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙනු ඇත. මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 13 දෙනෙකු ආදායම් – වියදම් වාර්තා භාර දී නොමැත.
ඔවුන්ට එරෙහිව පසුගියදා නඩු පවරනු ලැබුවේ, මැතිවරණ වියදම් නියාමන පනත යටතේයී