ඇතැම් රාජ්‍ය සේවකයින් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බව හඳුන්නෙත්ති කියයි

ඇතැම් රාජ්‍ය සේවකයින් පැරණි දූෂිත ක්‍රමවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
ශිල්ප අභිමානී ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන්.