ගුවන් තොටුපල පරිශ්‍රයේ දූෂණ වංචා වලක්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීම, ගුවන් තොටුපල පරිශ්‍රයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම හා නීතිවිරෝධි ලෙස පුද්ලයන් රටින් පිටවීම වැලැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,රේගුව සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන්න සමග අද (28) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව මෙම ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ද මෙහිදී උපදෙස් දී තිබෙනවා.