LTTEය සමග සටන් විරාමයකට ගිය හේතුව රනිල් කියයි

2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ, එම කාලය තුළදී තමන්ට දරුණු දේශපාලනික අර්බුදයකටද මුහුණ දීමට සිදු වූ බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මම දෙවනවරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා. වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමමකට මුලපුරමින් අපිට තිබුණේ. LTTEසමග සටන්විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා”.

LATEST NEWS