කුරුණෑගල වෙඩි තැබීමකින් පුද්ගයෙකු මරුට

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ, ඊයේ (24) රාත්‍රීයේ නිවසකට ඇතුළු වූ පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ස්වාමි පුරුෂයායි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි බිරිඳ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
වෙඩි තැබීම සඳහා T 56 ගිනි අවියක් උපයෝගී කරගෙන ඇතැයි පොලීසිය සැකපළ කරනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.