ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු බැංකුවට දඩ නියම කරයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, 2006 අංක 6 දරන ශ්‍රී ලංකා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) විධිවිධානවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් රජය සතු ඉන්දියානු බැංකුවකට දඩ නියමකර තිබෙනවා. .

ශ්‍රී ලංකා රුපියල් මිලියන දෙකක මුදල් දඩයක් පනවා ඇති බවයි ඉන්දීය බැංකුව සඳහන්කර සිටියේ.

ශ්‍රී ලංකාවේ, ඉන්දීය බැංකුව කොළඹ සහ යාපනයේ ශාඛා දෙකක් සමඟ ක්‍රියාත්මක අතර අනාගතයේදී මෙවැමනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර සමාජ – ආර්ථික සංවර්ධනය සහ ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබලගැන්වීම යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අදාළව ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන තිබුණා.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

LATEST NEWS